වැස්සේ වැඩිවීම තවදුරටත්

Share

ඊසාන දිග මෝසම් තත්වයන් දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව අද(06) නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇත.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රිකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, නැගෙනහිර, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලඋදෑසන කාලයේදීත් වැසි අති විය හැකි අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News