දෙවන විශාලතම කුඩු තොගය අල්ලයි

Share

රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාවේ සහය ඇතිව බලපිටිය හා බේරුවල අතර මුහුදු තීරයේ ඊයේ(05) රාත්‍රී සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඔවුන් සතුව තිබී රුපියල් මිලියන 2778කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 231 ට වැඩි තොගයක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 34 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වෙයි.

මෙරටින් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය මෙය බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News