ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාලව ඉදිරිපත් වූ පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (06) තෙවන දිනටත් විභාගයට ගැනීම මේ වනවිට අාරම්භ කර අැත.

නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ඊයේ(05) දිනයේදී නීතිපතිවරයා විසින් අදාළ පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණූ ඉදිරිපත් කළ අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.

මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම්කරුවන් විසින් කරුණු දැක්වීම ද ඊයේ(05) දිනයේදී සිදු කර තිබේ.

පෙරේදා දිනයේ ආරම්භ වූ පෙත්සම් විභාගය අද දිනයේ අවසන් කිරීමට නියමිතයි.

Read more

Local News