කුරුණෑගල සියලු බැනර් ඉවත් කිරිමට නියෝග

Share

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂ වලට අයත් බැනර් හා  කටවුටි සියල්ලම ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සමිපත් හේවාවසම් මහතා කුරුණෑගල පොලීසියට නියෝග කර ඇත.

කුරුණෑගල පොලීසියේ අපරාධ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ඉදිරිපත් කර තිබේ.

රට තුළ දැනට පවතින දේශපාලන වාතාවරණය මත කුරුණෑගල නගරයේ ප්‍රදර්ශනය කර ඇති දේශපාලනඥයින්ගේ රුව සහිත බැනර් හා කටවුඩ් කටයුතු වලට යම් හානියක් සිදුවුව හොත් එයින් නගරය තුළ මහජන කැළඹිමක් ඇති විමට ඉඩ ඇති බැවින් ඒ ආකාරයේ සියලුම බැනර් හා කටවුඩ් ඉවත් කිරිමට නියෝගය ලබා දෙන ලෙස පොලීසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

Read more

Local News