පාර්ලිමේන්තුව ගැන හොයන්න කොමිසමක්

Share

පාර්ලිමේන්තුවේ තුළ මේ දිනවල සිදුවන කටයුතු පිළිබඳව තම පාලනයක් යටතේ කොමිසමක් පත්කර පරික්ෂණ සිදුකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (06) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රටේ ආර්ථිකයට මේන්ම රටේ ස්වාධිපත්‍ය පාවා දෙන වැඩසටහනක නියලි සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

බලය රැක ගැනීම සඳහා ඕනෑම පාවා දීමක් සිදු කරන තැනකට එක්සත් ජාතික පක්ෂය පැමිණ ඇති බවටද  ඒ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය  විසින් ඕනෑම තානාපති කාර්යාලයක් ඉදිරියට ගොස් දණගසා සිටීමටද සූදානම්ව සිටින බව ඔහු පැවසීය.

මෙම තත්ත්වයට රට ඇද දැමීම සිදු කරමින් රට ගෙන ගෙන ඒම සිදු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය බව ඔහු සඳහන් කළේය.

මෙතෙක් කාලයක් පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිඳු රටක වත් සිදු නොවුන අයුරින් ප්‍රජාතන්ත්‍රවිරෝධී, ස්ථාවර නියෝග විරෝධි සේම පාර්ලිමේන්තු සම්ප්‍රදාය විරෝධී රැස්වීම් රාශියක් මේ වන විට පවත්වා ඇති බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය සමනය වීමෙන් පසු ස්ථීර ආණ්ඩුවක් බිහි වූ දිනයට පාර්ලිමේන්තුව තුල මෙතෙක් ගත් අවිචාරශීලී ක්‍රියාවලියට කථානායකවරයා ඇතුළු මේ සඳහා සම්බන්ධ වූ සියළු දෙනාට වගකීමට සිදු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News