නඩුවලට මුහුණ දීමට සූදානම් බව මහින්ද කියයි

Share

යහපාලන ආණ්ඩුව විසින් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට විරුද්ධව පවරා ඇති නඩුවල මුහුණ දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නඩුවලට බයේ ආණ්ඩුවක් පිහිටවූ බවට දේශපාලන ප්‍රතිවාදීන් අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත්, ඔවුන් මේ වනවිටත් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට නඩු පවරා අවසන් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සභාපතිත්වය දරන පැවිදි හඬ සංවිධානය සකස් කළ මහ මැතිවරණයක් සඳහා බල කර සිටිමේ  ජනතා පෙත්සම නාරාහේන්පිට අභයාරාමයේදී බාර ගත් අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ  “අද වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ අයගේ කරුණු විමසිම අවසන් කරනවා.ලබන සතිය වන විට තීන්දුවක් ලැබෙනු ඇති.දැන් රටේ අගමැතිවරයා ඉන්නවා. තනතුරු තිබෙනවා.ඇමතිවරු ඉන්නවා. තනතුර තිබෙනවා.හැබැයි වැඩ කරන්න බැහැ” බවයි.

Read more

Local News