පාර්ලිමේන්තුව විසුරුවිමේ අතුරු තහනම දික්වෙයි

Share

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව හෙට (07) දක්වා ක්‍රියාත්මක වූ අතුරු තහනම 8 දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ.

ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් විභාගය තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම හේතුවෙන් මෙසේ අතුරු තහනම දිගු කරනු ලැබීය.

අඛණ්ඩව පසුගිය 04 වන දින සිට පෙත්සම් විභාගය පැවැත්වුණ අතර එය හෙට දිනයේත් සිදුකිරිමට නියමිතය.

Read more

Local News