පාර්ලිමේන්තුව විසුරුවීම – පෙත්සම් විභාගය අදත්

Share

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගය අද(07) සිව්වැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් බවත් පවසමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

ඊයේ(06) අතරමැදි පෙත්සම් කරුවන් විසින් අධිකරණය හමුවේ කරුනු දැක්වූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් කරුණු දැක්වීම අද සිදු කිරීමට නියමිතය.

අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු වෙයි.

මේ අතර අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතරු තහනම් නියෝගය හෙට දිනය දක්වා දීර්ඝ කර ඇත.

Read more

Local News