රජ‌යේ උත්සව සඳහා හෝටල් භාවිත කිරිම තහනම්

Share

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියලුම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන්  සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රජය නිකුත් කළ චක‍්‍රලේඛයක් මගින් සියලු රාජ්‍ය නිලධාරින්ට ඊයේ (06) දින දන්වා ඇත.

මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී, ඒවා භාවිත නොකර ඉතා අධික මිල ගණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛෝපභෝගී හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපති විසින් මෙම තීරණය ගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read more

Local News