O/L ජංගම දුරකථනයකින් ලියන්නට ගිය සිසුවෙකු හසුවෙයි

Share

මේ  දිනවල  පැවැත්වෙන සාමාන්‍ය  පෙළ  විභාගයේ  ඉංග්‍රීසි  ප්‍රශ්න  පත්‍රයට ජංගම  දුරකනයක් කකුල් දෙකේ  සගවාගෙන   එයට  ලැබෙන කෙටි පණිවිඩ මගින් පිළිතුරැ සපයමින් සිටි බලන්ගොඩ ප්‍රදේශයේ බාහිර  අයදුම්කරුවෙක් සම්බන්ධයෙන් අද පැමිණිලක් ලැබුණු බව බලන්ගොඩ පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම සාමාන්‍ය පෙළ අයදුම්කරැ බලන්ගොඩ පොලීසිය වෙත රැගෙන ගොස් තිබු  අතර  ඔහුගෙන්  රදවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසීය.

මෙම  අයදුම්කරැට කෙටි පණිවිඩ මගින් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු ජංගම දුරකතනයට පිළිතුරු එවා  ඇති බවට  අණාවරණය වි ඇති බැවින් එම ගුරුවරයා සම්බන්ධයෙන් මෙම අයදුම්කරුගෙන් තොරතුරු අනාවරණය කර ගැනිමට නියමිව තිබේ.

බලන්ගොඩ ජෙයිලාන විදුහලේ  තිබු අපොස සාමාන්‍ය පෙළ විභාග  මධ්‍යස්ථානයේදි  විභාගයට පෙනි සිටි බාහිර  අයදුම්කරුවෙකු මෙලෙස ජංගම  දුරකනයක් ලග තබා ගනිමින් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු ලියමින් සිටි බවට බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලැබුණු පැමිණිල්ලක් මත එය විමර්ශනය කළ බව පොලීසිය පවසසි.

Read more

Local News