පිළියන්දල පොලිස් වසමේ මාවිත්තර ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබෙන බව පොලීසිය පවසයි.
අද(07) උදෑසන පිළියන්දල පොලිස් ස්ථානයට මේ පිළිබඳ ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 54 ක් වු නෙරංජනී වීරසිංහ නැමති ගුරුගම්මාන වත්තපාර, මාවින්තර, පිළියන්දල ප්‍රදේශයේ අයෙකි.
මිය ගිය කාන්තාව නිවසේ තනිව ජීවත්ව ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.