කථානායකගේ නව කමිටුව 12 වැනිදා රැස්වෙයි

Share

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සිදු වූ කලහාකාරි සිද්ධින් සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් පත් කළ කමිටුව ලබන 12 වනදා පළමු වරට රැස්විමට නියමිතව තිබේ.

කලහාකාරි සිද්ධින් වලින් පාර්ලිමේන්තුවේ දේපල වලට සිදු වූ හානි සම්බන්ධයෙන් සිදු කරන ලද තක්සේරු කිරීම් පිළිබඳ වාර්තා එදින එම කමිටුව වෙත ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සභාපතිත්වය දරන කමිටුව චමල් රාජපක්ෂ, චන්ද්‍රසිරි ගජධීර, රංජිත් මද්දුමබණ්ඩාර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් නියෝජනය කරයි.

Read more

Local News