නව සන්ධානයකින් ඉදිරියට යන බව රෝහණ කියයි

Share

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ නිර්මාණය කරන්නා වූ නව සන්ධානයක් හරහා ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසීය.

තවද, එක්සත් ජාතික පක්ෂය තම පර්ශවයේ පොදු සතුරා බවත් එමෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවස්ථාවකදි අභියෝගයක් නොවන බවත් එදිරියෙදි එම පක්ෂය සමඟ සන්ධානගතව කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News