නාමල් ශිරන්තිට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි

Share

මේ වන විට සමාජ මාධ්‍ය වල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මාරු කිරිමට කටයුතු කළ බවට වන චෝදනාවක් ප්‍රචාරය වන අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් මෙය අසත්‍යක් බවත්. ඇයගේ මව සතුන්ට විශේෂ ආදරයක් දක්වන බවත් සටහන් කර තිබේ.

ශර්මිනී සේරසිංහ නම් කාන්තාවක් චෝදනා කරන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇයගේ හිතවතියක් වෙනුවෙන් මෙම කටයුතු සිදුකර ඇති බවයි.

ඇයගේ නිවස ආසන්නයේ  පිහිටි නිවසක දින පහක් පමණ නිරාහාරව සිටි බල්ලෙක් මුදවා ගැනීම වෙනුවෙන් තමන් පොලිස් නිලධාරීන් සමග එක්ව එම බල්ලා මුදවා ගත් බවත් පසුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම සිදුවීමට මුල් වූ පොලිස් නිලධාරීන් මාරු කිරීමට නිවස හිමි කාන්තාව වෙනුවෙන් ඉදිරිපත්වී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read more

Local News