පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනපති සමඟ සාකච්ඡාවක් හෙට

Share

ජනපතිවරයා සමඟ හෙට (10) දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ඊයේ (08) පස්වරුවේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවෙයි.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ විදේශ බලපෑම් වලට යට නොවි රටට බලපනෙ දේශපාලනමය උවදුරුවලින් රට බෙරා ගැනිමට අවශ්‍ය ක්‍රියිවලිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදි සාකච්ඡා කළ බවයි.

එමෙන්ම මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ වාර්තමානයේ පාර්ලිමේන්තුව රනිල්-අනුර-සුමන්දිරන් කල්ලියේ කථා සප්පුවක් බවට පත් වී ඇති බවයි.

එහිදි අදහස් දැක්වු පාර්ලිමෙන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ එම සකච්ඡාව අතරවාරයේ බහුතරය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ අතර එහිදි මන්ත්‍රීවරුන්ගේ ගණනය කිරිමක් කළ බවත් එවිට 113කට ආසන්න සංඛාවක් සිටි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 

Read more

Local News