නිර්භීත ජනපතිට සියලු සංඝ රත්නයේ ආශිර්වාදය

Share

මාතෘ භූමිය වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් නිර්භීතව කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සියලු සංඝ රත්නයේ ආශිර්වාදය හිමි වන බව පූජ්‍ය දිඹුලාගල දේවලංකාර හිමි පැවසීය.

මනම්පිටිය පාලම අසල ශ්‍රී වාලුකානදී බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයේ දී විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සිදුකළ බවයි.

Read more

Local News