දෙසොහොයුරන් අතර ගැටුමෙන් එක් අයෙක් මරුට

Share

අද (09) උදෑසන 7.30ට පමණ ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඒ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වු ඉඩම් ආරවුලක් හේතුවෙන් බව පොලිසිය සඳහන් කර ඇත.

එක් සහෝදරයෙකු විසින් අනෙක් සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

පහරින් 75 හැවිරිදි වැඩිමහල් සහෝදරයා මියගොස් තිබේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඌරුබොක්ක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News