පැරිස් නගරයේ රබර් උණ්ඩ යොදා වෙඩි තැබීමක්

Share

ප්‍රංශය පුරා සිව්වැනි සති අන්තයටත් ඇදී යන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා පොලීසිය පැරිස් නගරයේදී රබර් උණ්ඩ යොදා වෙඩි තැබීමක් සිදුකර ඇත.

එමෙන්ම, රට පුරා පවතින උද්ඝෝෂණ මාලාව සමග මේ වනවිට පුද්ගලයන් 1,000ට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.

පැරිස් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ උද්ඝෝෂණ හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් 126 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවද පවසන එම වාර්තාවලට අනුව, පොලිස් නිලධාරීන් තිදෙනෙකුද රෝහල්ගතව ඇති බව බවයි.

කහ කමිසකරුවන් යැයි කියා ගන්නා පිරිසක් ඉන්ධන බදු වැඩි කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණ ඇරඹූවත්, එරට අමාත්‍යවරු පවසන්නේ අතිශය ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් එම තීන්දුව කොල්ලාකමින් ඒ ඔස්සේ රට අවුලුවන බවයි.

සමස්තයක් ලෙස ඊයේ (08දා) දිනයේදී 125,000ක පමණ පිරිසක් විරෝධතාවලට සම්බන්ධව සිටි අතර, ඉන් දස දහසකට ආසන්න පිරිසක් පැරීසියේ විරෝධතාවල නිරත වී තිබුණි.

මෙම විරෝධතා සමග වෙළෙඳ සැල් මංකොල්ලකෑම්වල ඉහළ යෑමක්ද වාර්තා වන අතර, මංමාවත්වල ඇති මෝටර් රථ ගිනිබත් කරමින් සාමකාමී පැරීසිය ගිනි ජාලාවක් බවට පත්කර ඇති බව විදෙස් වාර්තා කරයි.

Image result for france yellow picketing

Related image

Image result for france yellow picketing

Image result for france yellow picketing

Read more

Local News