හිටපු ඇමැති ගෙවීම් නවත්තයි

Share

හිටපු අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදෙන ගෙවීම් තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදුන් බව හෙතෙම පැවැසීය.

කැබිනට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය මඟින් නිකුත් කරන ලද අතුරු නියෝගයට අනුව මෙම තීරණය ගත් අතර මේ අනුව දුරකථන, ඉන්ධන දීමනා ඇතුළු සියලු ගෙවීම් පසුගිය සතියේ සිට තාවකාලිකව නවතා දමා ඇත.

අධිකරණ නියෝගය ලබාදෙන තුරු පමණක් අදාළ තහනම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News