කරූට එරෙහිව පෙත්සමක්

Share

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කතානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සම්කාර ලක්සිරි මහතා කියා සිටින්නේ ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉකූත්දා තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

මෙම තහනම් නියෝගය තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කතානායකවරයා කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද එම පෙත්සමෙන් නීතිඥ අරුණ ලක්සිරි මහතා චෝදනා කර තිබේ.

පෙත්සම තුළින් නීතිඥ ලක්සිරි මහතා වැඩිදුරටත් අයැද සිටින්නේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය තුලින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑමක් සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙසත් මෙම පෙත්සම පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ඉල්ලා සිටින බවයි.

Read more

Local News