පිරිසිදු කරන විට ගෙවත්තෙන් බෝම්බයක් මතුවේ

Share

මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තකින් කිලෝග්‍රෑම් 15 ක් පමණ බරැති පීඩන බෝම්බයක් සොයාගෙන ඇත.

ගෙබිමේ හිමි කරුවන් විසින් ඊයේ (09) ගෙවත්ත පිරිසිදු කිරීමේ යෙදී සිටියදී බෝම්බය දැක ග්‍රාම සේවක හරහා පොලීසිය දැනුවත් කොට ඇත.

ඉඩමේ හිමි කරුවන් එහි පැමිණ ඇත්තේ වසර 27කට පසු බව පොලිසිය පවසයි.

මුලතිව් පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගකට අනුව මෙම බෝම්බය ගොඩ ගෙන පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කර ඇත.

මෙය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුධ කටයුතු වෙනුවෙන් සකස් කළ බෝම්බයක් වන බවට සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News