ඉරණමඩු බිලි ගැනීම කිළිනොච්චියෙන් අරඹයි

Share

වාන් දමන ඉරණමඩු ජලාශයේ දියනෑමට ගිය පුද්ගලයකු ඊයේ (09) සවස දියේ ගිලී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ චාවකච්චේරියේ පදිංචි 21 හැවිරිදි ඩිලක්ෂන් නමැති පුද්ගලයකි.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ජලය පිරිණු ඉරණමඩු ජලාශයේ වාන් දොරටු පසුගිය (07) වැනිදා විවෘත්ත කර ඇති අතර වාන්දමන ජලාශයේ දිය නෑමට ගිය අවස්ථාවේදී අදාල පුද්ගලයා මෙම අනතුරට මූණ පා ඇත.

දියේ ගිලුණු පුද්ගලයා කිලිනොච්චි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ගොඩ ගෙන ඇති අතර එම අවස්ථාව වන විටත් අදාළ පුද්ගලයා මිය ගොස් සිට ඇත.

මළ සිරුර කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News