ගජමුතු 11ක් සමඟ 4ක් මාට්ටු වෙයි

Share

රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ගජමුතු 11ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව බලගොල්ල ක්‍රීඩාංගණය අසලදී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී ගජමුතු 08ක් පොලිසිය භාරගෙන ඇත.

මහනුවර නගරයේදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සතුව තිබී ගජමුතු තුනක් සොයා ගත් බව පොලිසිය පවසයි.

Read more

Local News