බස් තුනක් නිසා 120 බස් ඔක්කොම නවතී

Share

හොරණ-කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස්රථ අද (10) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මේ අනුව හොරණ-කොළඹ සුඛෝපභෝගී බස්රථ සහ සාමාන්‍ය බස් රථ අද දින ධාවනයනේ ඉවත් වී ඇත.

වැඩවර්ජනයට හේතුව වශයෙන් බස් හිමියන් පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ තුනක් අක්‍රමවත් ලෙස හොරණ-කොළඹ මාර්ගයේ ධාවනය විමයි.

මේ නිසා තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව පවසන ඔවුන් මේ සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස වගකිව යුතු අංශවලින් ඉල්ලයි.

වැඩවර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් ජනතාවට සහනයක් සලසමින් හොරණ පොලීසියේ මැදිහත් වීමෙන් උදෑසන බස් රථ කිහිපයක් ධාවනයට යොදවා තිබුණු බව වාර්තා වේ.

Read more

Local News