සජිත්ගේ අශාව හා බය ගැන රෝහිත කියපු කතාව

Share

සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරය සඳහා ආසාවක් ඇති නමුත් එය බාර ගැනීමට කිසියම් බයකින් පෙළෙන බව රෝහිත අබේගුණවර්ධන කියයි.

හෙතෙම මෙම අදහස් පල කළේ අද(10) පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දෙමළ සන්ධාන සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව පැවැසූ ඔහු එකී අවබෝධතා ගිවිසුම එක්සත් ජාතික පස්ෂයට සිළුටු රටට මටසිළුටු ගිවිසුමක් බවත් මෙහිදී පැවැසීය.

එළඹෙන 2019 වර්ශයෙදී පාර්ලිමේන්තු මැතිවරණයක්, ජනාධිපතිවරණයක් හෝ කල් දමා තිබු පළාත් සභා මැතිවරණවය පැවැත් වෙන බව පැවැසූ ඔහු ඒ අනුව 2019 මැතිවරණ වර්ෂයක් ලෙස හඳුන්වා දුන්නේය.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කල් දමමින් එතුමාගේ මාමා වන ජේ.ආර් ජයවර්ධන මහතා ගේ වාර්තාව මේ වන විට බිඳ දමා ඇති බව ද අබේගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.

Read more

Local News