සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනයට පියවර

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා පැවසුවේ වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර් ජාතික ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇති බවයි.

මේ අනුව ඉන්දියාව, පකිස්තානය, බුරුමය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය හා බංගලාදේශය යන රටවලින් මෙම සහල් තොග ආනයනය කිරීමට බලාපොරොත්තුවන අතර අනෙකුත් රටවලට ද මේ සඳහා මිල ගණන් ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා පවසයි.

මුදල් අමාත්‍යාංශය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ ටෙන්ඩර් කමිටුවක් මෙම ටෙන්ඩර් කැඳවයි.මේ අනුව නාඩු මෙට්ට්‍රික් ටොන් අනූ දහසක් ද, සම්බා කිලෝ හැට දහසක්, සුදු කැකුලූ මෙට්ටි‍්‍රක් ටොන් පනස් දහසක් ආනයනය කෙරේ.

 

Read more

Local News