මෝදර වෙඩි තැබීමක් – 5කට තුවාල

Share

මෝදර පොලිස් වසමේ අද(10) සවස වෙඩි තැබීමක් සිදුව ඇති බවට වාර්තා වෙයි.

මෝදර, පඤ්ඤානන්ද හංදියේ සිට මට්ටක්කුලිය දෙසට මීටර 100 ක පමණ දුරින් මෙය සිදුව තිබෙන බවයි පොලිස් මාධ්‍ය, පොලිස් අධිකාරී ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථයක ගමන් ගත් පිරිසකට මෙලෙස වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ඇති බව වාර්තා වෙයි.

තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Read more

Local News