ඕගොල්ලෝ පටන් ගන්න අපි ඉවර කරන්නම් – සොයිසාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Share

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට අනතුරක් කිරීමට පැමිණියහොත් ඊට ප්‍රතිචාර දක්වන බවත් එවැනි සාහසික ප්‍රකාශ කරන අයට උත්තර දෙන්න සූදානම්බවත් පාරල්මේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසයි.

ඇඹිලිපිටිය නගරයේ ඊයේ( 09) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරු රට තුළ ලේ වැගිරීමක් ඇති කර රට අරාජික කිරීමේ උත්සාහයක නිරත වන බවක් පෙනෙනවා. එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රහුමන් කියනවා ජනපති මන්දිරය වටලලා මෛත‍්‍රී ජනාධිපතිතුමා අල්ලා ලිබියාවේ ගඩාපිට කළ දේ කරනවා කියලා. අගමැති මහින්දගේ නිල නිවස වටලනවා කියනවා. ඒ කියන හැම දෙනාටම අපි අභියෝග කරන්වා, ඒ දේ කරන්න ආවොත් ඒකෙ වගකීම අපි බාරගන්නවා කියලා. ඕගොල්ලෝ ආරම්භ කරන්න අපේ අවසන් කරන්නම්. ඒවගේ සාහසික ප‍්‍රකාශ කරන අයට උත්තර දෙන්නත් අපි සූදානම් බව හෙතෙම සඳහන් කළේය.

වර්තමානයේ රට පත්ව ඇති අරාජිකත්වයෙන් මුදවා ගැනීම සදහා එජාප විරෝධී පොදු සංධානයක් බිහි කිරීමේ මූලික සාකච්ජා මේ වන විට අරඹා ඇතිබවත් එක්සත් ජාතික පක්‍ෂ විරෝධී සියලූ දේශපාලන පක්‍ෂ, වෘත්තිය සංවිධාන, සිවිල් සංවිධාන එකතු වී හදන මේ සංධානයේ නායකයන් ලෙස වර්තමානයේ රටට නායකත්වය දෙන අය පත්විය හැකි බවත් නම සහ ලකුණ ඉදිරියෙ දැනගත හැකිවනු ඇති බවත් රංජිත් සොයිසා මහතා වැඩි දුරටත් පැවසීය.

Read more

Local News