විභාග මධ්‍යස්ථානයේදි සිසුන් දෙපිරිසක් ගැටේ – අයකු රෝහලේ

Share

හෙට්ටිපොල ප්‍රදේශයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තුවාල ලැබූ සිසුවකු රෝහල් ගත කර තිබේ.

ගැටුමට මැදි වූ සිසුන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර හෙට්ටිපොල මහා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානයේදී අද (10) පැවති ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසින් අනතුරුව ලබාදී තිබූ දිවා විවේකය අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමක් මත මෙම ගැටුම ඇති වී ඇත.

තුවාල ලැබු සිසුවාගේ තත්ත්වය එතරම් බරපතල් නොවූ බැවින් රෝහල් පොලිසිය ඔහුගෙන් කටඋත්තර ලබාගෙන නැවතත් කඩිනමින් විභාග මධ්‍යස්ථානයට යොමු කර ඇත.

පහර දුන් බව කියන සිසුවාගෙන්ද කටඋත්තර ලබාගත් පොලිසිය ඔහුටද විභාගයට පෙනීසිටීමට අවස්ථාව සළසා දී තිබිණ.

විභාගයේ කටයුතු නිමවීමෙන් අනුව පැමිණිළි හා විත්ති යන දෙපාර්ශ්වයම කැඳවා සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකිරිමට නියමිතව ඇත.

Read more

Local News