රනිල් අරලිය ගහ මන්දිරයේ රෑ ගත කරන්න හිතුව හේතුව මෙන්න

Share

රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍යයෙන් රාත්‍රීය ගතක කළේ තම පෞද්ගලික නිවසේ බවත් ඔක්තෝම්බර් 26 දින රාත්‍රීයේ සිට අරලියගහ මන්දිරයේ රාත්‍රිය ගත කිරිමට තීරණය කළ බවත් ඊට හේතුවුයේ කුමන හේතුවක්ද යන්නත් හෙතෙම හෙළි කළේය.

අද(10) අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ හමුවේදී ඒ මහතා මේ හෙළි දරවුවෙ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ‍ෙ රටේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයට විරුද්ධව කටයුතු කරමින් රටේ පාලනය ගෙන යන බවත් එම ක්‍රියාවලියට රටේ ජනතාව විරෝධය පාන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේ,

“ඔක්තෝම්බර් 26 දින ආරම්භ වූ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව අද රටේ ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් සොරකම් කිරීමක් හැටියටයි අපි මේ තත්වය දකින්නේ. අගමැතිවරයා ඉවත්කිරීමට උත්සාහ කිරීම ඇමතිවරුන් මාරු කිරීමට උත්සාහ කිරීම ඇතුළු මේ සියලූ කාර්යයන් වලින් පහර ගැසුවේ ජනතාවටයි.

පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පුද්ගලයා අගමැති ධූරයට පත්කළ යුතුයි. පාර්ලිමේන්තුවට බහුතර බලයක් ලබාදීම තීරණය කරන්නේ ජනතාවයි. අවුරුදු පහකට වරක් පැවැත්වෙන ඡන්දයෙන් කුමන කණ්ඩායමක් බලයට පත් කරනවාද යන්න තීරණය කරන්නේ ජනතාවයි. මේ ක්‍රමය 1948 දී ඩී. එස්. සේනානායක අගමැතිතුමන් විසින් නිදහස ගෙන ආණ්ඩු ක්‍රමය ආරම්භ කළදා පටන් අපි අනුගමනය කරනවා.

විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කළායින් පසුව වෙනත් පක්ෂයකට බහුතර බලය ලැබුණා නම් ඒ අනුව එම ක්‍රමයට ගෞරව කරමින් අගමැතිවරු ජනාධිපතිවරු පත්කළා.ඒ අනුව 2003 වසරේදී දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ අගමැති වශයෙන් පත්වන්නට මටත් අවස්ථාව ලැබුණා.

නමුත් අද සිදුවී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව රජය විසුරුවා හැරීමයි, අගමැතිවරයා මාරුකිරීමට කටයුතු කිරීමයි, මේ රට පාලනය කිරීමට කටයුතු කිරීමයි. ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂත් කළේ පාර්ලිමේන්තුවට පයින් ගසා මේ රට පාලනය කිරීමට කටයුතු කිරීමයි.

මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවට දැන් මුළු රටම විරුද්ධ වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවට එරෙහිව ගොස් රට පාලනය කිරීමට ගත් පියවරට එරෙහිව රටපුරා ජනතා විරෝධය මතුවී තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කරමින් ජනවරම ලබාදුන්නා. ඒ ජනවරමට පයින් ගසා කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඔහුට එය ප්‍රතික්ෂේප කළ හැක්කේ ඊළඟ මැතිවරණයේදීයි.

උද්ගතව තිබෙන මේ තත්වයට ජනතාව කැමති නැහැ. මහින්ද රාජපක්ෂ අගමැතිකමට ඇතිවි තිබෙන කෑදරකම කුමක්ද? අද මේ ක්‍රියාවට එරෙහිව විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනැගී තිබෙනවා.

ඔක්තෝම්බර් 26 දින රාත්‍රිය මම ගතකළේ අරලියගහ මන්දිරයේ. මා සාමාන්‍යයෙන් රාත්‍රිය ගතකරන්නේ මගේ පෞද්ගලික නිවසේ බව ඔබ දන්නවා. නමුත් මා එදා එම තත්වය වෙනස් කොට රාත්‍රි මෙහි ගතකළා.

පසුදින අළුයම වන විට එක්සත් ජාතික පාක්ෂිකයින් අරලියගහ මන්දිරයට පැමිණ සිටියා. මුලින්ම මේ විරුද්ධත්වය ආරම්භ වුනේ අපේ පාක්ෂිකයන්ගෙන් බව කිව යුතුයි. නමුත් දින දෙක තුනක් ගතවෙද්දී එජාප නොවන කණ්ඩායම් පවා මෙහි රැස්වෙන්නට පටන් ගත්තා.”යැයි හෙතෙම පැවැසීය.

Read more

Local News