ඉදිරි පැය 72 විමසිල්ලෙන් ඉන්න

Share

ඉදිරි පැය 72 ක කාලය තුළ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යා හැකි අතර තද වැසි සමග මුහුද ක්ෂනිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

සමකාසන්න ඉන්දියානු සාගරය හා ඒ ආශ්‍රිත මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් දක්වා මේ වන විට වර්ධනය වී ඇති අතර අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව වැඩි දුරටත් එම නිවේදනයේ දැක්වේ.

Read more

Local News