එජාපෙට එන පෙරහර මග බව තෙන්නකෝන් කියයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසාන කොටස මේ වන විට දිය වෙමින් යන බවත් පෙරහැරේ මුල් අධියරයේ කසකාරයෝ පමණක් යාමට පටන් ගත් බවත් අනාගතයේදී පෙරහැරේ ඉදිරියෙන් ගමන්ගන් පිරිස්ද ගමන් ආරම්භ කරන බව මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

හෙතෙම මේ අදහස් පල කළේ අද(10) එක්සත් ජාතික පක්ෂයට එක්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එකවෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ක්‍රියා මාර්ග පිළබඳව බහුතරයක් වු ආසන සංවිධායකවරු හා බහුතරයක්වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහත් කලකිරීමෙන් සිටින් බව පැවසු තෙන්න කෝන් මහතා ඔක්තෝම්බර් මස 26 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් වැරදි දේශපාල තීන්දුවක් ගත් බව ද පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදකහස් දැක් වූ තෙන්නකෝන් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉදිරි ගමන පැහැදිළි බව පෙනෙ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට තිරණය කළ බවයි.

Read more

Local News