අලි බේරගන්න SMS කරයි

Share

දුම්රියේ වන අලි ගැටීම වළක්වා ගැනීමට නව වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත.

එහි පළමු අදියර ලෙස එස්.එම්.එස්.පණිවිඩයක් මඟින් දුම්රිය සේවකයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙල ඊයේ (10) සිට ආරම්භ කර තිබේ.

මේ අනුව වනජීවි දෙපාර්තමේන්තුවෙන්, සාමාන්‍ය ජනතාවගෙන්, දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ගෙන් ලබාගන්නා තොරතුරු එස්.එම්.එස්.පණිවිඩයක් ලෙස බෙදා හරී. මෙම සේවාව පැය 24 පුරා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය මාර්ග අවට වනඅලි ගැවසෙනවා නම් අදාළ එස්.එම්.එස්.පණිවිඩය මඟින් ඒ බව දැනුවත් කිරීම මෙහිදි සිදු වේ.

Read more

Local News