අගමැති ධූරයේ පුරප්පාඩු නැති බව ගම්මන්පිල කියයි

Share

රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයට පත් කිරිම සදහා ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සූදානමක් තිබු බවත්, අධිකරණයට එලෙස නියෝගයක් නිකුත් කිරීමට නම් එම ධුරයේ පුරප්පාඩුවක් තිබිය යුතු බව මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත වැඩ්දුරටත් අදහස් දක්වමින් “2018 දෙසැම්බර් 12 වන දින රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරලා යෝජනාවක් සම්මත කරන්න නියමිතයි.  එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඒ යෝජනාව සම්මත කළාට පස්සේ ඊට සහය පළ කළ මන්ත්‍රීවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමටත් නියමිතයි.

නඩුවෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන මෙන් උසාවි නියෝගයක් ලබා දෙන ලෙසයි.

නමුත් උසාවිය එහෙම නියෝගයක් ලබා දෙන්න අගමැති ධූරයේ පුරප්පාඩුවක් තිබෙන්න ඕනෑ.  නමුත් දැනට අගමැති තනතුරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ලෙස කටයුතු කිරීම වලක්වන බවයි.

එහෙම නැතුව අගමැති ධූරයෙන් ඉවත් කරලත් නෑ.  තනතුර අහිමි වුණු බවට ප්‍රකාශ කරලත් නෑ.  එහෙම කළ හැක්කේ නඩුව අසා අවසන් වීමෙන් පසුව පමණයි” යනුවෙන් පැවසීය.

Read more

Local News