ගණිතයට ෆිට් එකට උත්තර ලියපු 3ක් දැලේ

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට අයැදුම් කරු වෙනුවට පෙනී සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(10) දිනයේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය පැවැත් වූ අතර මාතර පුහුල්වැව මධ්‍ය මධ්‍ය මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකදී ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා විභාග අයදුම්කරු වෙනුවට ඔහුගේ මිතුරෙකු පෙනී සිටි බවට වාර්ථාවේ.

අදාල පුද්ගලයා ගැන සැක සිතුනු විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් පොලීසියට දැනුම් දී ඇති අතර සැකකරු තිහගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද(11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

Read more

Local News