2018 කෘෂිකාර්මික ප්‍රදර්ශනය අදින් ඇරඹේ

Share

අද (11) දින සිට 16 දක්වා නව කෘෂිකාර්මික සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන Harvest 2018 නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ  ශාලා පරිශ්‍රයේදී ආරම්භ වේ.

ෙමෙම කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මැතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් අද දින පෙ.ව 9.00ට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අද දින සිට 16 දින දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රදර්ශනකුටි, ආහාර අලෙවිසැල්, පලතුරු හා එළවළු අලෙවිසැල් ආදී අංශ ගණනාවකින් මෙම ප්‍රදර්ශනය සමන්විතය.

දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා භාවිත කෙරෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම ශ්‍රී ලාංකික ගොවීන්ට හඳුන්වා දීමටත්, අප රටේ නිපදවන එළවළු පලතුරු වැනි බෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපලේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීමත් මෙම ප්‍රදර්ශනයේ අරමුණ වේ.

2018 වසරේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කැපවී කටයුතු කළ ගොවීන් , කෘෂි විද්‍යාඥයින් සහ නිලධාරීන් ඇගයීම සඳහා කෘෂි උපහාර උළෙලක් මෙම ප්‍රදර්ශනය සමාරම්භක දින (11) පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී අතිගරු පනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඔවුන් වෙත සම්මාන පිරිනැමීමටත් කටයුතු යොදා තිබේ.

Read more

Local News