සේනානායක නාමය යළි ස්ථාපිත වෙයි

Share

කිලිනොච්චි ඉරණමඩු ජලාශය ප‍්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී ඉවත් කරන ලද සේනානායක අග‍්‍රාමාත්‍යවරුන්ගේ නම් ඇතුළත් පැරණි නාම පුවරුව වහාම කි‍්‍රයාත්මක වන පරිදි යළි ස්ථාපනය කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා නියෝග කර තිබේ.

එ් අනුව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුනගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව ඊයේ(10) සවස් වන තෙක් ඉවත් කොට තිබු බවට මාධ්‍ය වාර්තා කිරීමෙන් අනතුරුව පැරණි ඵලකය කඩිනමින් නැවත ඊයේ රාත්‍රියේදීම ස්ථාපිත කොට ඇති බවයි.

ඉරණමඩු ජලාශයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් එවකට අග‍්‍රාමාත්‍ය ඞී එස් සේනානායක සහ කෘෂිකර්ම අමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතාගේ නම් ඇතුළත් මෙම නාම පුවරුව පසුගියදා යළි සිදු කළ ප‍්‍රතිංසස්කරණ කටයුතුවලදී ඉවත් කෙරුණු බවට මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News