වවුනියාවේ ලයිසන් හොරු කොටුවේ

Share

වව්නියාවේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ව්‍යජ රියදුරු බලපත් සකස් කොට අලෙවි කළ ජාවාරමක් වටලා පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

ඊයේ (10) ලද තොරතුරක් මත මෝටර් රථ පරීක්ෂක නිළධාරීන් හා වවුනියාව පොලිස් නිළධාරීන් සිදුකළ මෙහෙයුමකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වවුනියා මෝටර් රථ පරීක්ෂක නිළධාරිවරයාගේ ලෙස සකස් කළ ව්‍යාජ නිළ මුද්‍රවක් යොදා ගනිමින් සැකකරුවන් තාවකාලික රියදුරු බලපත්‍ර සකස් කොට ඇති බව පරීක්ෂණ වලදී අනාවරනය වී ඇත.

මෙම ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් රුපියල් 15,000 ත් 18,000ත් අතර මුදලකට විකුණා ඇති බවට ද තොරතුරු අනාවරණය වි තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය, පදවිය, ගල්ගමුව හා වවුනියාව ප්‍රදේශයන්ගේ පදිංචි වයස අවුරුදු 35 ත් 50 ත් අතර පුද්ගලයින් වන අතර ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News