බංගලාදේශ පුවත් වෙබ් අඩවි තාවකාලිකව වසයි

Share

බංගලාදේශයේ  ප්‍රවෘත්ති වෙබ් අඩවි 58 ක් තාවකාලිකව වසා දමා තිබේ.

මෙම වෙබ් අඩවි පැය 12 ක කාලයක් දක්වා වසා දැමීමට එරට විදුලි සංදේශ නියාමන කොමිසම නියෝග කර තිබේ.

මෙම මස තිස් වන දින මහමැතිවරණයකට සූදානම් වන බවත් ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙබ් අඩවි රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියා පදිංචි වී නොමැති හෙයින් ඒවායේ ඇතුළත් කර ඇති තොරතුරු පරීක්ෂා කිරීම සදහා මෙම පියවර ගෙන ඇති බව වාර්තාවෙයි.

Read more

Local News