කළුබෝවිල රෝහලේ කුණු ලිහිණියගලට එපාලු

Share

දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ඉවත්කරන ලද අපද්‍රව්‍ය දැරණියගල, ලිහිණියගල ප්‍රදේශයට බැහැර කිරීමට විරෝධය පළ කරමින් ලිහිණියගල ප්‍රදේශයේ පිරිසක් විරෝධතාවයක නිරත විය.

දැරණියගල, ලිහිණියගල උඩ කොටසේ දැරණියගල ප්‍රා‍දේශීය සභාවේ කුණු බැහර කිරීමට යෝජිත ස්ථානයට පසුගිය 09දා රාත්‍රියේ පැමිණි ටිපර් රථයක් ප්‍රදේශවාසීන් විසින් පරීක්ෂාකර බලා තිබේ.

එම අවස්ථාවේදී එම ටිපර් රථයේ තිබී දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ඉවත් කළ අපද්‍රව්‍ය සොයාගෙන ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් එම ටිපර් රථය සිය භාරයට ගෙන මේ පිළිබඳව පොලිසියට සහ ප්‍රාදේශීය සභාවට දැනුම් දී තිබේ.

පසුව එම ස්ථානයේ විරෝධතාවයක නිරතවූ ප්‍රදේශවාසීන් පවසන්නේ එම ස්ථානය ජල පෝෂක ප්‍රදේශයක් බැවින් එහි කුණු බැහැර කිරීමට සිය විරෝධය පලකරන බවයි.

කෙසේ වෙතත් පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සහ ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව ගැටළුව සමතයකට පත්කිරීමට පියවර ගත් අතර අනතුරුව කොන්ත්‍රාත්කරු පැමිණ ටිපර් රථය ඉවත්කර ගැනීමට පොරොන්දු වීමත් සමඟ විරෝධතාකරුවන් විසිර ගියේය.

Read more

Local News