අම්පාරේ ‘සෞන්දර්ය’ පැය එකහාමාරක් පමා වෙයි

Share

අම්පාරේ විභාග මධ්‍යස්ථාන දෙකක අද(11) දින අපොස සා. පෙළ විභාගයට බෙදා දීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රය පැය එකහාමාරක් ප්‍රමාදව ලබා දී ඇති බව වාර්තා වේ.

අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලා දෙකක සහ අම්පාර ඞී.එස්. සේනානායක මධ්‍ය මහා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලාවක අද උදෑසන බෙදා දීමට නියමිතව තිබුණු සෞන්දර්ය විෂයන්ට අදාළ ප‍්‍රශ්න පත‍්‍රය මෙලෙස ප්‍රමාද වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

ප්‍රශ්න පත්‍රය බෙදා දීමට නියමිතව තිබී ඇත්තේ පෙ.ව. 8.30 ට වුවත් එය සිසුන්ට ලබා දී ඇත්තේ පෙ.ව. 10.00 ටත් පසුව බව ඔවුන් සඳහන් කරයි.

ජාතික විභාගවලදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම කණගාටුදායකය වන බවත්, පසුගිය වකවානුවේද විභාග සංවිධානයේ දී මෙවැනි ගැටලූ මතු වූ බැවින් එවැනි තත්ත්වයන් ඇති නොවීමට වගබලා ගැනීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ලංකා ගුරු සංගමය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහාන් කර ඇත.

Read more

Local News