විරෝධතා වලට ප්‍රංශ ජනාධිපතිගෙන් ප්‍රතිචාර

Share

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එරට සති ගණනාවක් පැවති විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් බදු සහන ලබාදීමටත් වැටුප් වැඩි කිරීමටත් පොරොන්දු වී තිබේ.

සති 04 ක් පුරා ප්‍රංශයේ ඉන්ධන බදු ඉහල දැමීමට එරෙහිව උද්ඝෝෂකයින් විශාල පිරිසක් පොදු දේපලවලට හානි කරමින් උද්ඝෝෂණවල නිරත වු අතර ඒ සදහා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2019 වසරේ සිට අවම වැටුප මසකට යුරෝ සියයකින් වැඩි කරනු ඇති බවත් සේවකයින්ට වසරක පාරිතෝෂික දීමනාවක් ලබා දෙමින් ඔවුන්ව දිරි ගන්වන බවද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

Read more

Local News