අවුරුදු 8කට පෙර ගහපු පහරින් පොලිස් නිලධාරියාට අද රිදුනු හැටි

Share

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අදාලව පොලිස් ස්ථානාධිපතිවරයකු ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වව්නියාව පුවරසන්කුලම් පොලිසියේ ස්ථානාධිපතිවරයායි.

2010 වර්ශයේ කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන විට නිවසක් බිඳ දේපල සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සැකකරුවකට පහරදීමක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු අද(11) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Read more

Local News