මහ මැතිවරණයක් ඉල්ලා හම්බන්තොට නීතීඥයෝ විරෝධතාවයක

Share

මහ මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා හම්බන්තොට දිසා/මහේස්ත්‍රාත් අධිකරණයේ හා මහාධිකරණයේ නීතීඥ මහත්වරුන් අද (11) දහවල් හම්බන්තොට ගබඩා හන්දියේදී විරෝධතාවයක් පැවැත්විණි.

මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා හම්බන්තොට මහ නගර සභාවේ නාගරික මංත්‍රිවරු පිරිසක් හා ජනතාව හම්බන්තොට කතරගම පාරේ ගබඩා හංදිය අසලදි දින 10ක් පුරා අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත විය.

නිතීඥ මහත්ම මහත්මින්ද එම ස්ථානයට ගොස් එම සත්‍යග්‍රහයට සහාය පළ කිරීමෙන් පසු විවිධ පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේදී විරෝධතාවයේ නිරත විය.

Read more

Local News