ශෂීගේ නඩුව අලුත් අවුරුද්දේ අහයි

Share

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලිසිය ගොනුකර ඇති නඩුවේ විභාගය ජනවාරි මස 1වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

සැකකාරිය පෙනී නොසිටීම සම්බන්ධයෙන් මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි නිතීඥවරුන්ට නියම කළ මහේස්ත්‍රාත්වරිය වැඩිදුර විභාගය ජනවාරි මස 1වනදාට කල් තැබීය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දැන් අවවාද කෙරුණි.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට රහස් පොලිසිය විසින්  ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News