වේගෙන් ගිය යතුරුපැදිය අැලේ නතර වුණු හැටි

Share

වවුනියාව මන්නාරම් පාරේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් අද(11) දා දහවල් වෙප්පන්කුලම බෝක්කුවේ ගැට්ටේ වැදී එම යතුරු පැදිය ඇලකට පෙරළීමේන් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ යතුරු පැදිය සිසුන් දෙදෙනෙකු විසින් පදවා ගෙන ගොස් ඇති අතර ඔවුන් එය ඉතා වේගයෙන් පදවාගෙන යද්දී පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ යතුරු පැදිය ගැටී තිබේ.

මේ අවස්ථාවේදී එම පුද්ගලයා තුවාල ලබා ඇති අතර යතුරුපැදිය පාලනය කර ගැනීමට සිසුන් දෙදෙනාට නොහැකි වූ නිසා යතුරු පැදිය බෝක්කුවේ ගැට්ටේ වැදී බෝක්කුවේ පහලට වැටී තිබේ.

තුවාලකරුවන් තුන් දෙනාම වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර යතුරුපැදිය පදවා ගෙන ගිය සිසුවා මේ අනතුරෙන් බරපතල ලෙස තුවාල ලබා ඇත.

වවුනියාව නෙලුකුලම පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Read more

Local News