සමාජ මාධ්‍යයට අකිලගෙන් ආරාධනයක්

Share

ඩිජිටල් මාධ්‍ය සියල් එකට එකතු වී ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමෙ වෙනුවෙන් කැප විය යුතු කළ යුතු කාලය එළඹ ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අරලිය ගහ මැදුරේ ඊයේ(10) පැවැති වඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහලේකම්වරයා පැවැසුවේ මුදල් වැය කරමින් සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන රාජපක්ෂ කඳවුරේ ක්‍රියාකාරිත්වය මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.

යුක්තියේ සටන නමින් එජාපය සංවිධානය කරන ජනබල මෙහෙයුම දෙසැම්බර් 17 වන දින සවස 1.00ට ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත අතර ඊට එක්වෙන ලෙස ද අකිල විරාජ් කාරියවසම් මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News