O/L සිසුන්ට විශේෂ නිවේදනයක්

Share

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව විශේෂ අවවාදයක් කර ඇත.

ඒ හෙට(12) විභාගය අවසන් වූ විට විභාග මධ්‍යස්ථානවල හෝ ඒ අවට කළහාකාරී ලෙස නොහැසිරෙන ලෙසත් පොදු දේපළවලට හානි නොකරන ලෙසත්ය.

මෙම අවවාද නොසලකන සිසුන්ට දැඩි දඩුවම් පමුණුවන බවද වැඩි දුරටත් විභාග දෙපාර්තමේන්තුව දන්වයි.

විභාග මධ්‍යස්ථාන අවට මේ වන විටත් පොලිසිය ජංගම මුර සංචාරයන්හි නිරතවන අතර අවශ්‍ය උපදෙස් විභාග ශාලාධිපතිවරුනට දන්වා ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News