පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරුගේ ප්‍රකාශයට පොලීස් පරීක්ෂණ අරඹයි

Share

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදි “පුරවැසි බලය” සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් පොලිස් මූලස්ථානයට කල පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පරීක්ෂණය ආරම්භ කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මව්බිම සුරැකීමේ ජාතික සම්මේලනය සහ පිවිතුරු හෙළ උරුමය මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කරනු ලැබිය.

Read more

Local News