ඔස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකුට අතවර කළ ලාංකීකයා හිරේ

Share

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දරුවන් බලා ගැනිමේ රැකියාවක් කළ ශ්‍රී ලාංකිකයෙක් අවුරුදු 7ක් වූ දරුවන් දෙදෙනෙක්ට ලිංගික අපයෝජනය කිරිම හේතුවෙන් වසර පහමාරක සිර දඬුවමක් නියම වි ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

19 හැවැරිදි පුද්ගලයෙක්ට මෙසේ සිර දඬුවම් නියම වී තිබේ.

පළමු දරුවාට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඔහුව වැසිකිළියක් තුළදී අපයෝජනයට ලක්කර ඒ බව දෙමාපියන්ට පැවසුවහොත් ඝාතනය කරන බවට තර්ජන කර ඇත.

අනෙක් දරුවා ක්‍රීඩාකාමරයේදී අපයෝජනයට ලක්කර ඇති බවත් පසුව දෙදෙනාටම සැකකරු පහරදී ඇති බවත් එය රහසක් ලෙස තබා ගන්නා ලෙසත් දැනුම් දී ඇතැයි බටහිර ඔස්ට්‍රේලියා දිසා අධිකරණයෙදී හෙළිව තිබේ.

Read more

Local News